කෝපා කමිටුවේ නව සභාපති ධුරය කබීර් හෂීම්ට..

කෝපා කමිටුවේ නව සභාපති ධුරය කබීර් හෂීම්ට..

by Staff writer 12-09-2025 | 5:30 PM

COLOMBO (News1st) - දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා තේරී පත්ව තිබේ.

ඒ , එහි සභාපති ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පසුගිය අගෝස්තු 06 වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්විය.

සභාපතිධුරය සඳහා කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා යෝජනා කල අතර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා එය ස්ථීර කළේ ය.