ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් මරුට.

ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් මිය යයි...

by Staff writer 12-09-2025 | 6:12 PM

COLOMBO (News1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී පසුගිය 04 වැනිදා සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මිය ගොස් තිබේ.

ඒ , බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

43 හැවිදිරි ශ්‍යාමලි ගමගේ නම් කාන්තාවක් අද මිය ගිය බව රෝහල් පොලීසිය සඳහන් කළේ ය.

ඒ අනුව ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල  මහවංගුව 23 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයට වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ යයි..

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා නුවරඑළියට පැමිණ ආපසු යමින් සිටියදී බස් රථය අනතුරට ලක් විය.

අනතුරින් 18 දෙනෙකු තුවාල ලැබූ අතර තවත් පුද්ගලයෙකු, බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.