.webp)
COLOMBO (News 1st) - 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතය.
දෙවැනි වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 පස්වරු 6.00ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ නොවැම්බර් 15 වැනිදා වන අතර එය දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙනු ඇත.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණවලට එළඹි බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.
විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඇය පැවසන ලදි.