විජේරාමේ නිවස අතහැර හිටපු ජනපති මහින්ද තංගල්ලට..

විජේරාමේ නිවස අතහැර හිටපු ජනපති මහින්ද තංගල්ලට..

by Staff writer 11-09-2025 | 6:15 PM

COLOMBO (News1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියේ ය.

ඔහු පිළිගැනීම සදහා පාක්ෂිකයින් රැසක් පැමිණ සිටියේ ය.

මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සාමාජිකයින් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් පිටව ගියේ අද පෙරවරුවේ ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා අද උදෑසනම කොළඹ විජේරාම මාවතේ නිල නිවසින් පිටව ගියේ ය.

අනතුරුව, පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් වරින් වර එහි පැමිණියේ ය.