රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාවක්

රථවාහන පොලිස් නිලධාරීන්ට, නිල ඇඳුමේ පැළදිය හැකි කැමරාවක් ලබා දීමට සැලසුම් - පොලීසිය

by Staff writer 11-09-2025 | 8:53 AM

COLOMBO (News1st) - රථවහාන රාජකාරි වල නිරත වන  පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ , රථවහන වැරදි අවම කිරිම අරමුණු කරගනිමින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුඩ්ලර් මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එම කැමරා සෑම රථවහන පොලිස් නිලධාරීයකුටම ලබා දෙන බවයි.

අල්ලස දුෂණය වැළැක්විමත් , රථවාහන නිළධාරීන්ට රියැදුරන්ගෙන් සිදු වන බලපෑම්වල නිවරුදිබව තහවුරු කිරීමත් මෙම තීරණය තුළින් අපේක්ෂා කෙරේ.