.webp)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (10) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක යූ.පී. වික්‍රමආරච්චි මහතා එහිදී පැවසූවේ, මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු රජයට පාඩුවක් සිදුකර ඇති බවයි.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනයට අදාල සියලු ලේඛන අල්ලස් කොමිසම භාරයට ගන්නා ලෙසත් ඉදිරි දින විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙසත් නියෝග කරමින් සැකකරු සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.