මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්

මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්

by Staff writer 11-09-2025 | 6:12 PM

COLOMBO (News1st) - මාස 19කට පසු පළමු වරට හැරී කුමරු සිය පියා වන තුන් වන චාල්ස් රජු හමුවී තිබේ.

ඒ, ලන්ඩනයේ ක්ලැරන්ස් මන්දිරයේදී ය.

පිය පුතු දෙදෙනා එහිදී විනාඩි 50ක පමණ සංවාදයක නිරත වී ඇතැයි BBC ලෝක සේවය සඳහන් කළේ ය.

චාල්ස් රජු ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට පැමිණ තිබුණේ, ඊයේ පස්වරුවේ ය.

2020 සිට, බිරිඳ සහ දරුවන් සමග කැලිෆෝනියාවේ වෙසෙන හැරී කුමරු ද බ්‍රිතාන්‍යට පැමිණ ඇත්තේ, වෘත්තීයමය සංචාරයක් වෙනුවෙන් ය

පසුගිය සඳුදා ඔහු සිය මිත්තණිය වන දෙවැනි එලිසබෙත් රැජිණගේ 
සොහොන් කොත මත මල්කළඹ තබා, ආචාරය පුද කළේ ය.

BBC ලෝක සේවය සමග සංවාදයකට එක්වෙමින්, හැරී කුමරු පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, සිය පවුල සමග සබඳතා යළි ගොඩනඟා ගැනීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.