UDA හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂකට ඇප

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ ඇප මත මුදා හැරේ..

by Staff writer 11-09-2025 | 6:08 PM

COLOMBO (News1st) - නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සම්පත් සුමේධ පූජිත රත්නායක සහ හිටපු අධ්‍යක්ෂ - ඉඩම් වීරවංශ පෙරේරා යන මහත්වරුන් ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5ක ඉඩමක් තාවකාලිකව බදු දීමේදී රජයට, රුපියල් දෙකෝටි 95 ලක්ෂ 19 , 666 ක් පාඩු කිරීමෙන් දූෂණය නැමැති වරද කිරීමේ චෝදනාව යටතේ ය.