.webp)
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරගයේ කාසිය වාසිය හිමි කරගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.
ඒ අනුව එක්සත් අරාබි එමීර් ඉනිම ආරම්භ කළේ, මොහොමඩ් වසීම් සමගින් අලිෂාන් ශරාෆු.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 26කට සීමා විය.
අලිශාන් ෂරාෆු ලකුණු 22යි.
නායක මොහොමඩ් වසීම් ලකුණු 19ක් රැස් කළේ ය.
එක්සත් අරාබි එමීර් ඉනිමේ පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 50 දීයි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදෙව් ලකුණු 7කට කඩුලු 4ක් දවා ගත්තේ ය.
ශිවම් ඩුබේ කඩුලු 3යි.
පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 5 සීමාව හෝ පසු කිරීමට නොහැකි විය.
ඒ අනුව එක්සත් අරාබි එමීර් කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 57ක් පමණයි.
අභිෂේක් ශර්මා සහ ශිවම් ඩුබේ ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය.
ඔවුන් දෙදෙනා ඉන්දීය කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට සමත් විය.
අභිෂේක් ශර්මා පන්දු 16කින් ලකුණු 30යි.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 4යි පන්දු 3කදී කඩුල්ලක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.
තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.