රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය අත්අඩංගුවට..

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය අත්අඩංගුවට..

by Staff writer 11-09-2025 | 6:17 PM

COLOMBO (News1st) - අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ, කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කළ වැටලීමකදී ය.

මිද්දෙනියේ සිට නුවරඑළිය දක්වා සහ, නුවඑළියේ සිට කඳාන දක්වා, අදාළ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ, එම ලොරි රථයෙන් ය.

වැඩිදුර විමර්ශන සදහා එය කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් පසුගියදා සොයා ගැනුණේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තා කළ අනාවරණයකට අනුවයි.