.webp)
එහිදී සිරස TV, News 1st, සිරස FM,Y FM හා ගම්මැද්ද සම්මානයට විය.
රූපවාහිනී, ගුවන් විදුලි ඇතුළු ක්ෂේත්‍ර රැසක ජනප්‍රිය නිර්මාණ අගයමින් Calin Popular Awards මෙවර සංවිධානය කෙරුණේ තුන්වන වරයි.
උත්සවය සඳහා කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටිය හ.
වසරේ ජනප්‍රියම වැඩසටහන් යුවල ලෙස සිරස TV හි ජූලියා සොනාලි සහ හේෂාන් මල්ලව සම්මානයට පාත්‍ර විය.
වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන ලෙස තේරී පත් වුණේ සිරස TV ඔස්සේ විකාශය කෙරෙන "සටන" වැඩසටහනයි.
වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදක ලෙස News 1st හි වින්දන ප්‍රසාද් කරුණාරත්න සම්මාන හිමිකරගත්තේය.
වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනා ගත්තේ News 1st හී සරසි පීරිස්.
වසරේ ජනප්‍රියම මානුෂීය ක්‍රියාන්විතය ලෙස ගම්මැද්ද සම්මානයෙන් පිදුම් ලැබුවේය.
තාරුණ්‍යයේ ජනප්‍රියම මාධ්‍ය නාලිකාව ලෙස තේරී පත් වුයේ සිරස TV නාලිකාවයි.
වසරේ ජනප්‍රියම ගුවන් විදුලි වැඩටහන් නිවේදිකාවට හිමි සම්මානය සිරස FM හි බිනෝලි ජයමාලි හිමිකර ගත්තාය.
වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදක ලෙස සම්මාන දිනා ගත්තේ Y FM හි ලක්මාල් සිරිවර්ධනයි.
වසරේ ජනප්‍රියම ගුවන් විදුලි වැඩසටහන් යුවල ලෙස Y FM හි අවිශ්කා ඉදුමිණි හා ඉශාන් දේවේන්ද්‍ර සම්මානයෙන් පිදුම් ලැබුවේය.
වසරේ ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාව බවට පත් වූයේද Y FM නාලිකාවයි.