සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ටැංකියක ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ටැංකියක ගින්නක්

by Staff writer 10-09-2025 | 11:47 PM

COLOMBO (News 1st) - සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ හිස් ඉන්ධන ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගත්තේ ය.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 11 ක් පමණ යොමු කර ඇති බවයි.

ගින්න හටගෙන ඇති ඉන්ධන ටැංකිය මෙට්‍රික් ටොන් 40,000ක ධාරිතාවකින් යුක්ත බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

වසර කිහිපයක සිට එම ඉන්ධන ටැංකිය භාවිතයට ගෙන නොමැත.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය, මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ එය නැවත භාවිතයට ගැනීම සඳහා අළුත් වැඩියා කටයුතු කරමින් සිටින අවස්ථාවේ අද පස්වරුවේ ගින්න හට ගත් බවයි.