.webp)
මේ හරහා ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් හා මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා ගෙවීම් සිදුකිරීමට මහජනතාවට පහසුකම් හිමිවේ.
ඒ අනුව නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මගින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී ඇත.