.webp)
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් ගණන 6 කි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මොහාන් විජේවික්‍රම යන මහත්වරුන් විසින් පෙත්සම් 3 ක් ගොනුකරන ලදි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් දෙදෙනෙකු විසින් අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සෙසු පෙත්සම් ගොනු කරන ලදි.
එම පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණි.
කාථානායකවරයා අද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.