කඳානෙත් එවැනි සැකකටයුතු ද්‍රව්‍යයක්.

මිද්දෙණියේ හමු වූ රසායන ද්‍රව්‍යයට සමාන ද්‍රව්‍යයක් කඳානෙන් හමුවෙයි..

by Staff writer 08-09-2025 | 7:19 AM

COLOMBO (News 1st) - මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, රසායනික ද්‍රව්‍ය අදාළ ඉඩමේ මල් ගස් අතර තිබී හමු වූ බවයි.

ඒ සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.