ඌව පළාතේ රිය අනතුරු පාලනයට විශේෂ සාකච්ඡාවක්..

ඇල්ල ඇතුළු ඌව පළාතේ රිය අනතුරු පාලනය පිළිබඳව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්..

by Staff writer 08-09-2025 | 8:43 AM

COLOMBO (News 1st) - ඇල්ල ඇතුළු ඌව පළාතේ රිය අනතුරු පාලනය පිළිබඳ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධනත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, ඇල්ල ඇතුළු ඌව පළාතේ සිදුවන අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙන බවයි.

අද පෙරවරුවේ පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා සියලු පාර්ශ්ව කැඳවා තිබේ.