.webp)
පොලීසිය පැවසුවේ ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී සිදු කළ වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් ඇති බවයි.
ඊයේ රාත්‍රියේ 11.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු එම තරුණයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්වුණේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා රිවොල්වර වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවට සැකකෙරෙන බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර , පංචිකාවත්ත ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රිවෝල්වරයකින් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.