වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මරුට

වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මරුට

by Staff writer 05-09-2025 | 2:59 PM

COLOMBO (News 1st) - හඳුන්ගමුව , ලේඩියංගල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 39 හැවිරිදි විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලීසිය පැවසුවේ, වගා බිමක සිටියදී ඇය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.