බැකෝ සමන්ගේ ඔත්තුවකින් හමු වූ දේ..

බැකෝ සමන්ගේ ඔත්තුවකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ආනයනය කළ බවට සැක රසායනික ද්‍රව්‍ය තොගයක් පොහොට්ටු හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක්ගේ ඉඩමකින් මතුවෙයි

by Staff writer 05-09-2025 | 10:24 PM

COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ආනයනය කළ බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ගෙවත්තක වල දමා තිබියදී අද සොයා ගත්තේ ය.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පේරි නමැති අයගේ ඉඩමේ තිබියදී ය.

මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබෙන්නේ , ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරට රැගෙන ආ බැකෝ සමන් නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ වැටලීමකදී මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනුණි.

මේ පිළිබඳව පරීක්ෂා කිරීම සදහා අන්තරායක ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින පරික්ෂණ සිදු කළේ ය.  

රසායනික ද්‍රව්‍ය තොගය මෙරටට ආනයන කළ බහලුම බවට සැක කෙරෙන කන්ටේනර් දෙකක් මෙම භූමියේ තිබූ බවට නිරීක්ෂණය විය.

මේ අතර තවත් එවැනිම රසායනද්‍රව්‍ය කොටසක් අසල සුසාන භූමියකද තමා තිබියදී හමුවිය.

මෙම සැකකටයුකු රසායන ද්‍රව්‍ය වලදමා තිබී හමුවුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පේරි නමැති අයගේ ඉඩමේ තිබියදී ය.