කුෂ් තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට..

කුෂ් තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට..

by Staff writer 05-09-2025 | 2:57 PM

COLOMBO (News 1st) - කුෂ් ක්‍රිලෝ ග්‍රෑම්10 කට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුව සඳහන් කළේ, අද උදෑසන 7 ට පමණ එම පුද්ගලයා තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

කුෂ් තොගය ගමන් මලුවල සූක්ෂ්මව සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

පසුගියදා කටුනායක ගුවන් තොටුපලේ සවිකරන ලද නවතම ස්කැන් යන්ත්‍රයෙන් අදාළ කුෂ් තොගය සොයා ගෙන තිබේ.