.webp)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ, අනතුර සිදුවූ ස්ථානයට බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු යොමු කළ බවයි.
ඔවුන් අද එම ස්ථානය ගොස් පරීක්ෂණ සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කෙළේ ය.
අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් ඔවුන් විසින් භාර දීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.
අනතුරෙන් දිවි බේරාගත් පිරිස් පවසන්නේ, බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ බවට රියැදුරා පැවසූ බවයි.
මේ අතර අනතුරෙන් තුවාල ලැබූ 17 ක් හා ඔවුන් මුදා ගැනීමට යාමේදී තුවාල ලැබූ දෙදෙනෙකු මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
විපතට පත් පිරිස මුදා ගැනීම සඳහා ගිය ඔවුන් දෙදෙනා යුද හමුදා සමාජිකයින් වන අතර නිවාඩු ලබා සිටි දෙදෙනෙක්.
බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් කුරේ මහතා සඳහන් කළේ ඔවුන්ගෙන් 4 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
ඊයේ රාත්‍රි සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 15 කි.
පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, ඒ අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී ඩබ්ලිව් කේ රූපසේන මහතාද වන බවයි.
බස් රථය ඇල්ල දෙස වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබියදී ජිප් රථයක ගැටී ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය පවසයි.