ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ඇප අයැදුම්පතක්..

ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ඇප අයැදුම්පතක්..

by Staff writer 04-09-2025 | 7:34 PM

COLOMBO (News 1st) - පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බව චෝදනා ලබමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පතක් ගොනු කර තිබේ.

එම ඉල්ලීම මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවූ අවස්ථාවේ ඊට අදාළව කරුණු තහවුරු කිරීමට ඔක්තෝබර් 2 වැනිදා කැඳවීමට දින නියම කළේ ය..

මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබා ගත් බවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබේ.