19න් පහළ දෙවන එක්දින තරගයේ ජය ලංකාවට

කොදෙව්වන්ට එරෙහි 19න් පහළ දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 03-09-2025 | 10:25 AM

COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එක් කඩුල්ලකින් ජය ගත්තේ ය.

ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 201කි.

ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 48ක් තුළ කඩුලු 9ක් දැවී සිටියදී ය.