සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට..

සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට..

by Staff writer 02-09-2025 | 7:26 AM

COLOMBO (News 1st) - සුඩානයේ බටහිර ප්‍රදේශයේ ගම්මානයක සිදු වූ නායයෑමකින් 1,000 කට අධික පිරිසක් මිය ගිය බව එරට හමුදාව පවසයි.

එරට හමුදාව වාර්තා කළේ, එක් අයෙකු පමණක් දිවි ගලවා ගෙන ඇති බවයි.

දින ගණනක් පැවති අධික වර්ෂාපතනය හමුවේ එම නායයෑම සිදුව තිබුණි.

එරට ඩාර්ෆූර් කලාපයේ ප්‍රාදේශීය බලධාරීන් , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලින් ඉල්ලා ඇත්තේ, වින්දිතයින්ගේ මළ සිරුරු සොයා ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසයි.

එම ගම්මානය සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති බව එම බලධාරීන් පවසයි.

සිද්ධිය හේතුවෙන් එම ගම්මානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.