හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද CIDය හමුවට

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද CIDය හමුවට කැඳවයි..

by Staff writer 01-09-2025 | 6:45 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික සංචාරයක් සදහා රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිත කළ බව කියන චෝදනා මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එම කැඳවීම කර ඇති බවයි.

ඒ අනුව අද පෙරවරුවේ සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිනු ඇති.

ඊට අදාළව සමන් ඒකනායක මහතා පසුගිය 05 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය හයක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන්නේ ය.

පසුගිය 04 වැනිදා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හයකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත්තේ, මෙම සිදුවීමට අදාළවයි.