.webp)
COLOMBO (News 1st) - වෙන්නප්පුවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථය, වෙඩි තැබීමට යොදා ගත් රිවෝල්වරය සහ කඩුව සිය භාරයට ගත් බවයි.
මෝටර් රථයකින් පැමිණි අදාළ සැකකරුවන් තුන්දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක්කර තියුණු ආයුධවලින් පහරදී, වෙඩි තැබීමක් ද කර තිබුණි.
ඉන් 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය.
බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඔවුන් මහාධිකරණයේ ඇප නියෝගයකට අත්සන් කිරීම සදහා වෙන්නප්පුව පොලිසියට පැමිණ, යළි නිවෙස් බලා යමින් සිටි පුද්ගලයින් ය.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි.