.webp)
COLOMBO (News 1st)- ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි.
ඊට අදාළ අයැදුම් පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
මේ අතර , 2026/2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය හා අලුත් කිරීමේ කටයුතු ද, අද ආරම්භ වෙයි.
එම සේවාව ද දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
එම කාලසීමාවෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවන බවයි.