මීටියාගොඩ වෙඩි තැබීමක්...

මීටියාගොඩ වෙඩි තැබීමක්...

by Staff writer 01-09-2025 | 6:50 PM

COLOMBO (News 1st) - මීටියාගොඩ මලවැන්න  ප්‍රදේශයේ අද (01) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 4:30 පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබිණි.

මෝටර් රථයේ පුද්ගලයින් 05 දෙනෙකු සිට ඇති අතර හෝටල් හිමිකරුවෙකු , වෙඩි තැබීමේ ඉලක්කය වී ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

මෝටර් රථයේ රියදුරු වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ, පැදිකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී වෙඩි තැබීමට යොදාගත් T 56 වර්ගයේ ගිනිඅවිය ද පොලීසිය භාරයට ගෙන තිබේ.