.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් මේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒ , පෞද්ගලික - රාජ්‍ය ඒකාබද්ධ බස් රථ කාලසටහනට විරෝධය පළ කරමිනි.
ශ්‍රී ලංගම වෘත්තීය සමිති අටෙන් හතක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ය.