.webp)
COLOMBO (News 1st) - සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව අනුනාහිමියන් ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් තේරී පත්විය.
ඒ, අස්ගිරි මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව මීට ටික වේලාවකට පෙර රැස්වී ගත් තීරණයකට අනුවය.
පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී අනුනාහිමියන් පසුගියදා අපවත් වීමත් සමඟ, අස්ගිරි අනුනායක ධුරයක් හිස්විය.
ඒ අනුව අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සමග, මහියංගනය රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්, අස්ගිරි අනුනායක ධුරය සදහා යෝජනා විය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුර දෙකක් පවතින අතර ඉන් අනෙක් අනුනායක ධුරයේ වැඩ සිටින්නේ, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමියන්ය.