රනිල් හෙට සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ හැකියි

ජාතික රෝහලේ ICU ඉන්න රනිල් වික්‍රමසිංහ හෙට වනවි⁣ට සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ හැකියි! - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

by Staff writer 28-08-2025 | 9:34 PM

COLOMBO (News 1st) - ඇප මත මුදාරහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔහු කියා සිටියේ හෙට දිනය වනවිට වික්‍රමසිංහ මහතා සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ හැකිවනු ඇති බවයි.