.webp)
COLOMBO (News 1st) - ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක්ව සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ , රට තුළ නීතිය ක්‍රියාත්මක කිරිමට කිසිදු බලපෑමක් නොමැති බවය.
සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නඩු කඩිනම් කිරිම වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදි ප්‍රකාශ කළේය.