.webp)
COLOMBO (News 1st) -අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අගනුවර වන වොෂින්ටනයේ සිදුවන මිනීමැරුම් සඳහා මරණ දඬුවම නියම කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, එහි සිදුවන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණිනි.
අමෙරිකාවේ කම්කරු දින තේමාව යටතේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමක් අතරතුර ඔහු සිය තීරණය එලෙස ඉදිරිපත් කර තිබුණි.
අමෙරිකානුවන් ඊට සූදානම්දැයි තමා නොදන්නා නමුත් සිය රජයට වෙනත් විකල්පයක් නොමැති බව ඔහු අවධාරණය කර තිබුණි.
මිනීමැරුම් නඩු සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව දෙවන වර ඇමරිකාවේ ජනාධිපති බවට පත්වීමෙන් අනතුරුව, ඔහු ප්‍රතිඥා දී තිබුණේ ය.