රනිල්ට ඇප ගන්න සහාය දුන් සැමට ස්තූතියි-එජාපය

රනිල්ට ඇප ලබා ගැනීමට සහාය දුන් සැමට ස්තූතියි - එජාපය

by Staff writer 27-08-2025 | 12:55 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය අද (27) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තූතිය පළකිරීම සදහායි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකොරල සහ උපනායක අකිල විරාජ් කාරියවසම් මෙම මාධ්‍ය හමුව සඳහා එක්වී සිටියහ.