හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මාතරදී වෙඩි තැබීමක්

හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මාතරදී වෙඩි තැබීමක්

by Staff writer 26-08-2025 | 7:26 AM

COLOMBO (News 1st) - මාතර, වෙරළපාර විජයග්‍රාහී මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(25) රාත්‍රී 11 ට පමණ හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුව ඇති බවයි.

සිද්ධියෙක් අදාල පුද්ගලයා හෝ වෙනත් කිසිවෙකු තුවාල ලබා නොමැති අතර කාර් රථයකින් පැමිණි අයෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, එම ස්ථානයේ තිබී වෙඩි තැබීම සඳහා භාවිත කල පිස්තෝලය සහය උණ්ඩ සොයා ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.