පළාත් පාලන ආයතනවලට අලුතින් බර වාහන

පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදී ගැනීමට රජයෙන් තීරණයක්.

by Staff writer 26-08-2025 | 9:16 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන වලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදි ගැනිමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ග්‍රාමිය සංවර්ධනය සදහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස අලුතින් මිලදි ගන්නා බවයි.

ඇතැම් පළාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර නොමැති බව අමාත්‍ය වරයා සඳහන් කළේ ය.

දැනට ඇති ඇතැම් පළාත් පාලන ආයතන සතු යන්ත්‍ර කල් ඉකුත් වී ඇති  බවත්,මිලදි ගෙන ඇති ඇතැම් යන්ත්‍ර ප්‍රමිතියෙන් තොර ඒවා බවද අමාත්‍යවරයා පවසයි.