google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...

google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...

by Staff writer 25-08-2025 | 7:30 PM

COLOMBO (News 1st) - google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වෙයි.

ඒ, මෙ‍ම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි.

එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට google සමාගම කටයුතු කරමින් පවතියි.

මෙම පහසුකම තුළින් photos, edits කිරීමය සහ video එකකට තමන් කැමති ගීතයක් එකතු කරගන්නත් හැකියාව ලැබේ.

එකවරකට මිනිත්තු 35ක vedio එකක් මේ හරහා upload කිරීමේ හැකියාව තිබේ.

නමුත් ඒ videos, 4GBකට වඩා කුඩා වීමත් අනිවාර්යයි.

google සමාගම පවසන්නේ Chrome, Firefox සහ Microsoft Edge වැනි වෙබ් අඩෙවිවලින් මේ සඳහා පහසුවෙන්ම පිවිසීමට හැකියාව ලැබෙන බවයි.