සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට CIDයෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ, අධිකරණ තීන්දුවටත් පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් CIDයෙන් විමර්ශනයක්

by Staff writer 25-08-2025 | 6:51 AM

COLOMBO (News 1st) -  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීම පිළිබඳ, අධිකරණ තීන්දුවටත් පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දදේශ මත ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත්තේ, ලද පැමිණිල්ලක් අනුවයි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ‍මහතා ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නා බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි මහතා සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබු තිබුණි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමටත් පෙර සිදුකර තිබූ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් පිරිසක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.