වැල්ලම්පිටියේ හෝටලයකට වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ හෝටලයකට වෙඩි තැබීමක්

by Staff writer 25-08-2025 | 6:24 AM

COLOMBO (News 1st) - වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පැවසුවේ අද(25) අළුයම එකට පමණ පුද්ගලයින් තුන් දෙනෙකු පැමිණ ප්‍රදේශයේ හෝටලයක, කාමරයකට වෙඩි තබා පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිත හෝ දේපල හානි වාර්තාවී නොමැති බව ඔහු සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වැල්ලම්පිටිය පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.