අද උණුසුම වැඩි දවසක්....

මිනිස් සිරුරට දැනෙන උණුසුම අද අවධානය යොමුකළ යුතු මට්ටමක - කාගගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 24-08-2025 | 7:04 AM

COLOMBO (News 1st) - මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (24) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ද එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.

ඒ අනුව අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක පවතිනු ඇතැයි, මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ ය.