ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ මාසය තුළ මුදල්

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ මස අවසන් වීමට පෙර මුදල්...

by Staff writer 24-08-2025 | 7:17 AM

COLOMBO (News 1st) - මේ වසරේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් නිකුත් කරන බව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා සඳහන් කළේ, මේ වන විට රුපියල් මිලියන 700 ක් පමණ නිකුත් කර ඇති බවයි.

මුදල් ලැබී ඇති ප්‍රාදේශීය ලේකම්වරුන් අදාළ සංවර්ධන ව්‍යාපෘති කඩිනම්න් ආරම්භ කර ඇතැයි, ලේකම්වරයා පැවසුවේ ය.

රුපියල් මිලියන 100 කට වැඩි ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මකයි.

අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ලබා ගැනීමට කටයුතු කරන බව ද, ලේකම්වරයා පැවසුවේය.