රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ....

by Staff writer 23-08-2025 | 3:31 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය ඉහළ යාම ඇතුලු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, වෛද්‍යවරුන් එම නිර්දේශය ලබාදුන් බවයි.

ඒ අනුව ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.