'අයිස්' සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

'අයිස්' මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී අත්අඩංගුවට..

by Staff writer 23-08-2025 | 10:12 PM

COLOMBO (News 1st) -  ගණේමුල්ලේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් එකහාමාරක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ, මාර්ග බාධක රාජකාරියේ නිරත නිලධාරීන් යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී ඒවා සොයාගත් බවයි.

හෙරොයින් ග්රෑම් 530 ක් සහ හෑෂ් 588 ක ප්‍රමාණයක් ද, ඔහු සතුව තිබී සොයා ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 107 ක් සහ හෑෂ් ග්රෑම් 97 ක් සොයා ගත් බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.