.webp)
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා සඳහන් කළේ, ඔවුන්ට අයත් නිවාස, වාහන, වෙළෙඳ සැල්, ඉඩම්, බැංකු ගිණුම් ඇතුළු දේපළ රැසක් ඒ අතර වන බවයි.
ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග විධිමත් කිරීම සඳහා වන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ කෙටුම්පත, පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව ඉදිරියේදී අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට නියමිත බව, නිශාන්ත ද සොයිසා මහතා සඳහන් කළේ ය.