හිටපු ජනපති රනිල් CIDය හමුවට පැමිණෙයි

හිටපු ජනපති රනිල් CIDය හමුවට පැමිණෙයි

by Staff writer 22-08-2025 | 9:37 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි

රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරන විමර්ශනයට අදාලව හිටපු ජානධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස කැඳවනු ලැබීය.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10 දෙනෙකු සංචාරයට සහභාගිවී ඇතැයි සඳහන් වේ.

සිද්ධීය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.