විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභවප්‍රාප්ත වෙයි

ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභවප්‍රාප්ත වෙයි

by Staff writer 21-08-2025 | 11:43 AM

COLOMBO (News 1st) - ‍ජාත්‍යන්තර කීර්තියට පත් වූ අමෙරිකාවේ විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභවප්‍රාප්තවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දීර්ඝ කාලයක් පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 කි.

ෆ්‍රෑන්ක් කැප්රියෝ , අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේ ය.

නඩු විභාග අතරතුර ඔහු ජනතාවට, අනුකම්පාව හා නිහතමානිකම වැනි ගුණාංග ඉස්මතු කරමින් කටයුතු කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් ඔහු ලොව පුරා ජනතාවගේ දැඩි කතාබහට ලක්වූ බවයි.