දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?

දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?

by Staff writer 21-08-2025 | 6:08 PM

COLOMBO (News 1st) - රස අධික පළතුරු වර්ගයක් වන අඹ කෑම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දී කළ පර්යේෂණයක තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව සායනික පර්යේෂණවලට අනුව, දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි, පාලනයක් සහිතව අඹ, මධ්‍යස්ථව පරිභෝජනය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටමට අහිතකර බලපෑමක් ඇති නොවන බවට හෙළි වී ඇත.

එමෙන්ම අඹ ආහාරයට ගැනී‌ම මගින් දියවැඩියා රෝගය පාලනය කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් පවත්වාගෙන යෑම සඳහා ප්‍රයෝජනවත් විය හැකි බව ද හෙළිව තිබේ.

ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් මිලියන 77කට දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර, ඉන් මිලියන 25 ක් අධිදියවැඩියා තත්ත්වයෙන් පීඩා විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල සඳහන් වනවා.

මෙම රෝගීන්ට පාලනයක් සහිතව අඹ ආහාරයට ගත හැකි බව එම වාර්තාවල සඳහන්.