ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ඇරඹේ

ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය කියයි.

by Staff writer 21-08-2025 | 7:42 AM

COLOMBO (News 1st) - ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව, මේ වන විටත් තදාසන්න ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගෙන ඇති බවයි.

මෙම මෙහෙයුම සඳහා ලබන මාසය ආරම්භයේදී  හමුදා පුහුණුව ලැබු සිවිල් වැසියන් 60,000 ක් පමණ කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර, ඊශ්‍රායලය ,  සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක් සිදු කරන බවට හමාස් සංවිධානය චෝදනා කරයි.

ඒ , විවිධ පිරිස් මෙම සැලැස්ම හෙළා දැක ඇති පසුබිමකයි.

මෙම මෙහෙයුම මගින් මැද පෙරදිග කලාපයම යුද්ධයකට ඇද දැමීමේ අවදානමක් පවතින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ, මෙම මෙහෙයුම මගින් ගාසා තීරයේ ජනතාවගේ තත්ත්වය තවදුරටත් දුෂ්කර විය හැකි බවයි.

2023 ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් ගාසාහි පුද්ගලයින් 62,122 නෙකු මිය ගොස් තිබේ
.