කාදිනල් හිමිපාණන් ජනපති හමුවෙයි

කාදිනල් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

by Staff writer 21-08-2025 | 9:27 AM

COLOMBO (News 1st) - කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ  (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළේය.

එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයින් එක්ව සිටියහ.