.webp)
පොලිසිය පැවසුවේ, 25 හැවිරිදි සැකකරු බොරැල්ල 66 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැණින.
බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගනයක රැදී සිටි පිරිසක් ඉලක්ක කර පසුගිය 07 වැනිදා, එම වෙඩි තැබීම සිදුවිය.
ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලැබූහ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර කළේ ය.
විදේශයක රැදී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන කුඩු දුමින්ද හා චතු මල්ලී නැමැති සැකකරුවන් දෙදෙනෙකු අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.